Trending
Loading...
Wednesday, November 5, 2014

ජාලයක් යනු කුමක්ද?



අපි එදිනෙදා ජීවිතයේදී ඕනෑ තරම් ජාලයන් දැකගත හැකිය. මහා මාර්ග පද්ධතිය, දුරකථන පද්ධතිය, දුම්රිය මාර්ග පද්ධතිය මේවා උදාහරණ ලෙස දැක්විය හැකිය.
පරිගණක ජාලයක් යනු කුමක්ද?
පරිශීලකයින් (Clients) අතර සන්නිවේදන පහසුකම ‍වගේම තොරතුරු හුවමාරු කරගැනීමට හැකි වන පරිදි එකිනෙක හා සම්බන්ධ වන ලෙස පරිගණක 2ක් හෝ ඊට වැඩි ගණනක් සමගින් තවත් උපකරණද එකතුවී හැදුනු ජාලයකට පරිගණක ජාලයක් කියනු ලැබේ. පරිගණක ජාලයක් භාවිතා කිරීමේ වාසි ලෙස තොරතුරු වල ආරක්‍ෂාව, වැඩි වේගයකින් තොරතුරු හුවමාරු කරගැනීමට හැකිවීම මෙන්ම සම්පත් පොදුවේ භාවිතා කිරීමට හැකිවීම දක්වන්නට පුළුවනි. පරිගණක ජාලකරණය අද ඊයේ සිට නොව 1950 දක්වා වූ ඈතට දිවයන්නකි.
අපිට විවිධ ප්‍රමාණයේ පරිගණකජාල දැකගන්නට පුළුවන්. කුඩා ප්‍රමාණයේ කාර්යාල හා ගෘහාශ්‍රිත ජාල, මධ්‍යම ප්‍රමාණයේ ජාල වගේම ලෝක ව්‍යාප්ත ජාල (World Wide Web) ලෙස ඒවා දකවන්නට පුළුවන්.
අපි දැන් බලමු Network එකක මූලික උපාංග හා සාධකයන් මොනවාද කියලා. Network එකකට අවශ්‍ය මූලික උපාංග කොටස් 3කට වෙන් කරන්න පුළුවන්.
Devices
Media
Services
Devices,End Devices හා Intermediary Devices කියලා ආකාර 2කින් දක්වන්න පුළුවන්.
End Devices කියන්නේ අපි භාවිතා කරන පරිගණක, ජංගම දුරකථන, Printers ඒ වගේම Security Camera වගේ දේවල්.
එතකොටIntermediary Devices කියන්නේNetwork Access Devices (switches, and wireless accesspoints),Internetworking Devices (routers) සහ Security Devices (firewalls) වලට.

NetworkMediaකොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ Guided Media සහ Unguided Media කියලා.
Guided Media(Cables) - Copper, Fiber optics, Coaxial cables
Unguided Media (Wireless) – Wifi, Wi Max
Network වර්ග
1.      Local Area Network (LAN)
2.      Wide Area Network (WAN)
ඊට අමතරව පහත දැක්වෙන ඒවාද අපට ගන්නට පුළුවන්
1.      Metropolitan Area Network (MAN)
2.      Wireless LAN (WLAN)
3.      Storage Area Network (SAN)
Local Area Network (LAN)
කුඩා ප්‍රදේශයක තියෙන, ඒ කියන්නේ ගෙදරක නැත්නම් Office එකක වගේ තියෙන Network එකක් මේ නමින් හඳුන්වයි.
Wide Area Network (WAN)
විවිධ ස්ථානවල ඇති LAN 2ක් හෝ ඊට වැඩි ගණනක් එකතු වී සෑදෙන ජාලයකට Wide Area Network (WAN) එකක් කියනු ලබයි.  


Newer Post
Previous
This is the last post.

0 comments:

Post a Comment

Back To Top